ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාවේ ප්‍රධාන වෙළෙඳ සහකරු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
29

ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාවේ ප්‍රධාන වෙළෙඳ සහකරු වෙයි

ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාවේ ප්‍රධාන වෙළෙඳ සහකරු වෙයි

පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඇමරිකා එක්සත් ජනපදය, චීනය අභිබවා ඉන්දියාවේ ප්‍රමුඛ වෙළඳ සහකරු බවට පත්ව තිබෙනවා.

 

2021 - 2022 මූල්‍ය වසර තුළ දෙරට අතර සිදු වූ වෙළඳ ගනුදෙනුවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 119.42ක් බවයි ඉන්දීය වානිජ අමාත්‍යාංශය සඳහන් කළේ.

 

පෙර වසරේ එම ගණුදෙනුවල වටිනාකම ඩොලර් බිලියන අසූවයි දශම පහයි එකක්.

 

එම කාලය තුළ ඉන්දියාව සහ චීනය අතර ද්විපාර්ශවික වෙළඳාමේ වටිනාකම සටහන් වන්නේ ඩොලර් බිලියන 115.42ක් ලෙසයි.

 

කෙසේ නමුත් ගතවූ වසර තුළ චීනය සහ ඉන්දියාව අතර වෙළෙඳ පරතරය පෙර වසරේ පැවති ඩොලර් බිලියන හතළිස් හතරේ සිට ඩොලර් බිලියන 72.91 දක්වා ඉහළ යාම විශේෂත්වයක්.

views

938 Views

Comments

arrow-up