සා.පෙල කාලේ පාර වහන්න එපා

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවත්වෙන දිනයන්හිදි මාර්ග අවහිර වන පරිදි උද්ඝෝෂණ වල නිරත වීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා
හෙටින් (23) ආරම්භ වන අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන ජුන් 1 වැනිදා දක්ව පැවැත්වෙනවා
විභාගය පැවත්වෙන කාල සිමාව තුළ මාර්ගවල අවහිරතා ඇති වන ආකාරයෙන් උද්ඝෝෂණ නොකරන ලෙසත් රටේ දරුවන්ගේ ප්‍රධාන කඩයිම් විභාගයක් සාර්ථකව පවත්වාගෙන යාම සදහා උපරිම දායකත්වයත් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටින බව එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක අප වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පැවසුවා
686 Views
Comments