යාපනයේ දූපත් වාසීන්ට ඉන්දියාවෙන් භූමිතෙල්

ඉන්දීය රජයේ ආධාර ලෙස ලැබුණු භූමිතෙල් ලීටර 15,000 ක් යාපනය දූපත්වාසී ධීවර ජනතාව වෙත බෙදා දී තිබේ.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ සහ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් රාකේෂ් නට්රාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් එම බෙදාදීමේ වැඩසටහන කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි
එහිදී යාපනය ඩෙල්ෆ් දූපත් ධීවර ජනතාවට, කයිට්ස් ධීවර ජනතාවට හා යාපනය, නාගදීප දූපත් ධීවර ජනතාව වෙත එම භූමිතෙල් ලබාදීම සිදුකර ඇත.
මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ ඉන්දීය රජයේ ආධාර ලෙස ලැබුණු භූමිතෙල් තොගයක් මෙලෙස යාපනය දූපත් ජනතාවගේ ධීවර කටයුතු වෙනුවෙන් බෙදා හැරුණු බව වාර්තා වේ.
624 Views
Comments