චන්ද්‍රිකා ජනපතිට ලිපියක් යවයි රන්ජන්ට අනිද්දා නිදහස?

බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
එම ලිපිය මෙසේයි,
2021.09.06
අතිගරු ගෝඨාභය
රාජපක්ෂ මැතිතුමා,
ශ්‍රී ලංකා ජනාධිපති,
ජනාධිපති කාර්යාලය,
කොළඹ 01.
අතිගරු ජනාධිපතිතුමනි,
රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා ගැනීම.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පියෙකුද වන රංජන් රාමනායක මහතා 2021.01.12 දින සිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වසර 04 ක සිරදඬුවමකට ලක්ව සිටී.
රංගන ශිල්පියෙකු, සමාජ සේවකයෙකු මෙන්ම දේශපාලඥයෙකු ලෙසද ඔහු බොහෝ දෙනෙක් නොකරන ලෙස, මෙරට පොදු ජනතාව වෙනුවෙන් අවංකව කැපවී කටයුතු කරමින්, සිය පෞද්ගලික ධනය පවා අහිංසක අයගේ සුභසිද්ධිය වෙනුවෙන් වැය කරන පුද්ගලයෙකි.
බරපතල වැරදි නිසා අධිකරණයෙන් සිරදඬුවම් ලබාදුන් කිහිප දෙනෙකු කෙරෙහි අනුකම්පාවෙන් ඔබ රජයෙන් නිදහස ලබාදුන් නිසා, එතරම් බරපතල නොවන චෝදනාවකට රංජන්ට මෙලෙස දුක් විඳීමට සිදුවීම අවාසනාවන්ත කරුණක් බව ඔබතුමාද පිළිගන්නා බව මම විශ්වාස කරමි.
මේ වනවිට මාස 08කට ආසන්න කාලයක් සිරගතව පීඩා විඳින රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීමට කාරුණික වන මෙන් හිටපු රාජ්‍ය නායකයෙකු සහ මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු ලෙස මම ඉතා ඕනෑකමින් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.
ස්තුතියි,
මෙයට,
විශ්වාසී වූ,
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
හිටපු ජනාධිපතිනි.
මේ අතර අනිද්දා දිනයේ දී යෙදී ඇති සිරකරුවන්ගේ ජාතික දිනය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව යටතේ නිදහස ලැබෙනු ඇති බව තමන් අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු වනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවද ඔහු පවසා තිබෙනවා.
ඔහු මේ බව සඳහන් කර තිබුණේ සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමිනි.
1617 Views
Comments