කාර්මික උපකරණ රැසක් සොරකම් කළ මඩපාත ප්‍රදේශයේ සොහොයුරන් දෙදෙනෙකුට වැඩ වරදී

එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු විසින් මඩපාත LS වත්ත ප්‍රදේශයේ පෙදරේරුවෙකු සතුව තිබූ රුපියල් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් විදුලි කාර්මික උපකරණ සොරාගෙන ඇත.
මොවුන් දෙදෙනා විසින් ඩ්‍රිල් යන්ත්‍රයක් හිල්ටි යන්ත්‍ර දෙකක් හා පවර් ශෝ යන්ත්‍රයක් සොරාගෙන තිබේ. මෙම සොරකම පිළිබඳ පෙදරේරුවා කරන ලද පැමිණිල්ලක් අනුව කළ විමර්ශන වලදී ඒ ආසන්නයේම කාමරයක පදිංචිව සිටින එකම පවුලේ සහෝදරයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා විසින් සොරා ගත් එම විදුලි උපකරණ පන්නිපිටිය, දෙපානම සහ මහරගම ප්‍රදේශවලට අඩු මුදලට විකුණා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර සැකකරුවන් දෙදෙනා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කිරීමට නියමිතය.
299 Views
Comments