අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

අද කාලගුණය

අද කාලගුණය

අද (27) දින නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වල හා මුලතිවු දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එසේ ම සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී බස්නාහිර සහ සබරගමුව පළාත්වල හා මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

 

එසේ ම අද (27) දින දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතියි.

 

මේ අතර ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්  ඉල්ලා සිටියි.

views

224 Views

Comments

arrow-up