AUG
07
පිටකොටුව වේල්ලවීදියේ කඩ පේළියක ගින්නක්

පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයේ ප්ලාස්ටික් සහ ඇලුමිනියම් භාණ්ඩ අලෙවිකරණ කඩ පේළියක ගින්නක් හටගෙන ඇති බව ගිනි නිවන හමුදාව සඳහන් කරයි.
ගිනි නිවන හමුදාවේ රථ අටක් සමඟ ගිනි නිවන භටයින් 25 දෙනෙකු ඒ සඳහා යොමු කර ඇති බවත් ඔවුන් මේ වන විට ගින්න නිවීමේ කටයුතු වල නිරතව සිටින බවත් ගිනි නිවන හමුදාව වැඩි දුරටත් පවසයි.
856 Views
Comments