දින 42කට ලමයි සම්බන්ධ අසභ්‍යදර්ශන හා ඡායාරූප 17,000ක් අන්තර්ජාලයේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
29

දින 42කට ලමයි සම්බන්ධ අසභ්‍යදර්ශන හා ඡායාරූප 17,000ක් අන්තර්ජාලයේ

දින 42කට ලමයි සම්බන්ධ අසභ්‍යදර්ශන හා ඡායාරූප 17,000ක් අන්තර්ජාලයේ

ශ්‍රී ලංකා පොලිස් පරිගණකය ඒකකය විසින් සිදුකළ පරීක්ෂණයකදී මාස 2 කට අඩු කෙටි කාලයකදී අන්තර්ජාලයට මෙරට ලමයි සම්බන්ද අසභ්‍ය දර්ශන හා පින්තූර විශාල වශයෙන් උඩුගත කර ඇතැයි හෙළි වී ඇත.

 

 


ජූලි මස 17 වන දා සිට ජූලි 28 වනදා දක්වා අන්තර්ජාලයට ළමයින් සම්බන්ධයෙන් අසභ්‍ය දර්ශන හා ඡායාරූප 17629 ක් උඩුගත කර ඇති බවට හෙළිවී ඇති බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

 

 

මෙසේ දරුවන්ගේ අසභ්‍ය දර්ශන හා ඡායාරූප සමාජ මාධ්‍යට එකතු කරන ලද පුද්ගලයින් පිළිබඳව මේ වන විට තොරතුරු ලබාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන අද සිට ආරම්භ කර ඊට අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කලා.

views

2430 Views

Comments

arrow-up