පියාගේ උප්පැන්න කොපියක් ගන්න ඇවිත් ප්‍රා.ලේකම් කාර්යාලයේ යකා නැටූ පුතා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
07

පියාගේ උප්පැන්න කොපියක් ගන්න ඇවිත් ප්‍රා.ලේකම් කාර්යාලයේ යකා නැටූ පුතා අත්අඩංගුවට

පියාගේ උප්පැන්න කොපියක් ගන්න ඇවිත් ප්‍රා.ලේකම් කාර්යාලයේ යකා නැටූ පුතා අත්අඩංගුවට

සිය පියාගේ උපන්න සහතිකයකයේ පිටපතක් ලබා ගැනීමට හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලට පැමිණ එහි සේවකයන් හා ඇතිවූ බහින්බස්වීමකින් පසු කාර්යාලය දේපළවලට හානිකරමින් කලහකාරී ලෙස හැහැසිරුණු පුද්ගලයෙකු හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු මේ මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

 

හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි මහතා පෙරේදා (05) මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ හම්බන්තොට කෑලියපුර පහේ කණුව ප්‍රදේශයේ පදිංචි හේවා වලිමුනිගේ චමින්ද ප්‍රදීප් නැමති 50 හැවිරිදි පුද්ගලයෙකි.

 

සැකකාර පුද්ගලයා පසුගිය 04 වැනිදා දහවල් 2.00ට පමණ හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආයතන අංශයට පැමිණ තිබුණේ සිය පියාගේ උප්පැන්න සහතිකයේ පිටපතක් ලබාගැනීමටය. එහිදී එම පුද්ගලයා හා ආයතන අංශයේ සේවකයන් අතර වචන හුවමාරුවක් සිදුව තිබේ.

 

පසුව එම බහින් බස්වීම දුරදිග ගොස්එහිදී කෝපයට පත් මෙම පුද්ගලයා ආයතන අංශය තුළ කළහකාරී ලෙස හැසිරෙමින් කෑ කෝ ගසන්නට පටන් ගෙන ඇත. එහි සේවකයන් එය වළක්වාලීමට උත්සාහ කිරීමේදී එම පුද්ගලයා ආයතන අංශය තුළ තිබූ පුටුවක් රැගෙන එහි පරිගණක කිහිපයකට හා දේපලවලට දැඩි ලෙස හානි සිදු කර තිබේ.

 

මෙම පුද්ගලයාගේ කලහකාරී හැසිරීමත් සමග එහි සේවය නිරතව සිටි සේවකයන්ද භීතියට පත්ව කාර්යාලය තුළින් ඉවත්ව ඇත. මෙම පුද්ගලයාගේ කලහකාරී හැසිරීම සම්බන්ධයෙන් එම අවස්ථාවේදීම හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පරිපාලන නිලධාරිනියක් විසින් හම්බන්තොට පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව හම්බන්තොට පොලිසිය විසින් අදාළ පුද්ගලයා අත් අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කෙරුණි.

 

සිද්ධිය සම්බන්ධයෙන් සම්බන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි. සැකකාර පුද්ගලයා විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආයතනය අංශයට සිදු කරනලද පාඩුවද රුපියල් ලක්ෂ දෙකකට වැඩි බවයි තක්සේරුවේදී අනාවරණය වී තිබේ.

views

107 Views

Comments

arrow-up