සූර්ය බලාගාර ටෙන්ඩරයකට විදුලි ඇමැතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
28

සූර්ය බලාගාර ටෙන්ඩරයකට විදුලි ඇමැතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

සූර්ය බලාගාර ටෙන්ඩරයකට විදුලි ඇමැතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රදේශයේ සූර්ය බලාගාර ටෙන්ඩරයක් ලබාදීමේදී සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් රජයට රුපියල් බිලියන 3 කට අධික අලාභයක් සිදුවන බව පවසමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි ඇතුළු වගඋත්තරකරුවන් කිහිපදෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.

 

එස්. තුරෙයිරාජා සහ සම්පත් බී. අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.

 

පෙත්සම්කාර පාර්ශ්වය පෙන්වාදී ඇත්තේ මෙගාවොට් 100ක සූර්ය බලාගාරයක් ඉදිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය ටෙන්ඩර් කැඳවා තිබුණත් අඩුම ලංසුව නොසලකා වැඩි ලංසුවකට එම කොන්ත්‍රාත්තුව ලබාදී රජයට සැලකිය යුතු මූල්‍ය පාඩුවක් සිදුවූ බවය.

 

මෙකී ටෙන්ඩරය මඟින් සිදුවන අතිවිශාල පාඩුව මෙන්ම අනෙකුත් කරුණු අනුව විශාල මහජන උනන්දුවක් ඇති බවත් හදිසි කටයුත්තක් සේ සලකා කඩිනමින් එහි සඳහන් කරුණු තහවුරු කිරීමට දින ලබාදෙන ලෙසට පෙත්සම්කාර මිලින්ද ප්‍රසන්න මඩුගල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂඨ නීතිඥ සුරේන් ප්‍රනාන්දු විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා තිබේ.

 

පෙත්සමේ සියලු වගඋත්තරකරුවන්ට නොතිසි සහ පෙත්සමට අදාළ ලේඛන යැවීමට පියවර ගත් බවද නීතිඥ සුරේන් ප්‍රනාන්දු විසින් විනිසුරු මඬුල්ලට වැඩිදුරටත් දැනුම්දී ඇත.

views

87 Views

Comments

arrow-up