අධික පෑවිල්ල හේතුවෙන් ජල විදුලි බලාගාර ජලාශ සිඳී යයි

මාසයකට ආසන්න කාලයක් තිස්සේ පවතින වියළි කාළගුණයත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලවිදුලි බලාගාර ජලාශ වල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති.
මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම අද(21) පෙරවරුව වන විට පිටාර මට්ටමේ සිට පිළිවෙලින් අඩි 17 ක් හා 15 ක් වශයෙන් පහත බැස ඇති බව ද එම ඉංජිනේරුවෝ පැවසූහ.
ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත් ලක්ෂපාන විදුලිබලාගාර සංකීර්ණය යටතේ ඇති කැනියොන්, විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය හා බ්‍රෝඩ්ලන්ඩ් යන විදුලිබලාගාර සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙනි.
88 Views
Comments