අරගල සමයේ ගිනිගත් නිවාස වෙනුවෙන් වන්දිගත් තවත් නම් ලැයිස්තුවක් එළියට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
28

අරගල සමයේ ගිනිගත් නිවාස වෙනුවෙන් වන්දිගත් තවත් නම් ලැයිස්තුවක් එළියට

අරගල සමයේ ගිනිගත් නිවාස වෙනුවෙන් වන්දිගත් තවත් නම් ලැයිස්තුවක් එළියට

අරගලය පැවැති 2022 වසරේ ගිනිගත් නිවාස වෙනුවෙන් රජයෙන් වන්දි මුදල් ලබාගත් තවත් ලැයිස්තුවක් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී  හෙළි කළේය.

 

ඒ අනුව ඩබ්ලිව්. එම් ඥානවතී නොහොත් ඥානක්කා නම් කාන්තාවට රුපියල් ලක්ෂ 280ක වන්දි මුදලක් ලබාදී ඇති බව අමාත්‍යවරයා පැවසීය.

 

එමෙන්ම කැස්බෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා මහතාට රු. ලක්ෂ 696ක වන්දි මුදලක් ලබාදී තිබේ.

 

ඒ අනුව එවක පාර්ලිමේන්තු මැතිඇමතිවරුන් නොවන පළාත් පාලන මන්ත්‍රීවරුන්ට, සභාපතිවරුන්ට, හිතවතුන්ට, ආධාරකරුවන්ට යනාදී පුද්ගලයින්ට රුපියල් මිලියන 1,125ක මුදලක් ලබාදී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

 

එවක මන්ත්‍රීවරුන්ට සහ අමාත්‍යවරුනට ලබාදුන් මුදල රුපියල් මිලියන 1,221කි.

 

මේ අතර මෙම කථාවේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රමාත්‍යවරයා හා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලවකවානුවේ ජනාධිපති විමර්ශන කොමිෂම්  වෙනුවෙන් රජයේ මුදල් වියදම්කළ ආකායර පිළිබඳවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී පැවසීය.

 

2016 වසරේ සිට ජනාධිපති විමර්ශන කොමිෂන් 14ක් ලබාදී ඇති බවත්, ඉන් රාජ්‍ය දේපොළ අවභාවිතාව පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම වෙනුවෙන් රුපියල් ලක්ෂ 662.34ක් වියදම් කර ඇති බව පැවසීය.

 

එමෙන්ම පාස්කු විමර්ශන වාර්තාවට රුපියල් ලක්ෂ 1,063ක්ද, 
දූෂණ විරෝධී කාර්යාලයේ කටයුතු පරීක්ෂා කිරීම සඳහා රුපියල් ලක්ෂ 350ක්ද, 2015 සිට 2019 දක්වා වසරවල දේශපාලන පළිගැනීම් වාර්තා සඳහා රුපියල් ලක්ෂ 842ක්ද වියදම්කර ඇති බව පෙන්වා දුන්නේය.

 

ඒ අනුව සමස්තයක් ලෙස ජනාධිපති කොමිෂන් සභා 14ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 5,301ක් වැයකර ඇති බව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පැවසීය.

views

89 Views

Comments

arrow-up