SEP
01
වාණිජ බැංකු තවම පොලී අනුපාත පහළ දමා නෑ

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝගය අනුව මෙතෙක් කිසිදු වාණිජ බැංකුවක් සිය පොලී අනුපාත පහළ දමා නොමැති බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය පවසයි.
ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ ලේකම් සඳහන් කළේ, පොලී අනුපාත පහළ දැමීමට අදාළ චක්‍ර ලේඛයන් ද ඇතැම් වාණිජ බැංකු වෙත මෙතෙක් ලැබී නොමැති අතර ඊට මහ බැංකු අධිපතිවරයා වගකිව යුතු බවය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ ලේකම් අසංක රුවන් පොතුපිටිය මෙම අදහස් පළ කළේය.
249 Views
Comments