JUN
13
දිස්ත්‍රික්ක රැසක ඩෙංගු උත්සන්න වේ

මහනුවර, කුරුණෑගල, පුත්තලම, මඩකලපුව සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල යළි ඩෙංගු රෝගය උත්සන්න වන තත්ත්වයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඉදිරියේදී වර්ෂාපතනය ලැබීමත් සමග මෙම තත්ත්වය වැඩි විය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සඳහන් කළේය.
දිවයින පුරා මේ වනවිට ඩෙංගු රෝගීන් 43,346 දෙනෙක් වාර්තා වී ඇති අතර ඉන් 21,654 ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බව විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සඳහන් කළේය.
179 Views
Comments