“ට්‍රැවල් බෑන් අවශ්‍ය නෑ... මැරුවත් මේ රටෙන් යන්නේ නෑ” - රැට්ටා

විදෙස් ගමන් තහනම් යොදා තම අරගලයේ ක්‍රියාකාරිකයන්ගේ ගමන නැවැත්විය නොහැකි බව අරගලයේ ක්‍රියාකාරී සාමාජික රතිදු සේනාරත්න නොහොත් රැට්ටා සඳහන් කළේය.
ඔහු අදහස් දක්වා සිටියේ ඊයේ(06) නුගේගොඩදී පැවති රැළියකට එක්වෙමිනි.
එහිදී ඔහු මෙසේ අදහස් දක්වා සිටියේය,
“මේ අරගල ක්‍රියාකාරීන්ගේ පාස්පෝට් අත්හිටවලා තියනවා. ට්‍රැවල් බෑන් දාලා තියෙනවා. මේක අපේ රට. අපි මැරෙන්නෙත් මේකේ. මේ රටේ ක්‍රම වෙනසක් කරනකම්, දූෂිත දේශපාලනය අතු ගාලා දානකම්, මේ අරගලය දිනනකම් අපි යන්නේ නැහැ.”
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රතිදු සුරම්‍ය හෙවත් රැට්ටා හට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අගෝස්තු 1 වනදා විදෙස් ගමන් තහනමක් පනවනු ලැබුනි.
229 Views
Comments