IMF සමඟ ගිවිසුම් ගතවීම කල් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
31

IMF සමඟ ගිවිසුම් ගතවීම කල් යයි

IMF සමඟ ගිවිසුම් ගතවීම කල් යයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකර ගැනීමට තිබූ ගිවිසුම සැප්තැම්බර් මස දක්වා කල් දැමීමට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

 

ඒ පසුගිය සති කිහිපය තුළ රටේ පැවැති නොසන්සුන්තාව හේතුවෙන් බවද ඒ මහතා ප්‍රකාශ කරයි.

 

තමා අග්‍රමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති සාකච්ඡා අනුව අගෝස්තු මස පළමුු සතිය තුළ ගිවිසුම්ගත වීම සඳහා එකඟතාවකට පැමිණි නමුත් සමාජ නොසන්සුන්තාව සහ දේශපාලන අස්ථාවරත්වය මත ගිවිසුම්ගත වීම මසකින් පමණ ප්‍රමාද වන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

 

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (30) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවකදීය. 

views

248 Views

Comments

arrow-up