පුටින් සහ ගෝඨාභය සුභ පතා ගනිති

ශ්‍රී ලංකාව හා රුසියාව අතර සදා නොවෙනස් මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරගත යුතු යැයි රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වී 65 වන සංවත්සරය වෙනුවෙන් දෙරටේ ජනාධිපතිවරු සුබ පැතුම් පණිවුඩ නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
රුසියාව හා ශ්‍රී ලංකාව අතර පැවති මිත්‍රත්වය සහ දැඩි සබඳතාවලින් දෙපාර්ශ්වයට ම ප්‍රතිලාභ ලැබිණි යැයි ද දෙරට අතර පැවැති නොබිඳෙනසුළු සබඳතා තවදුරටත් වර්ධනය කරගනිමින් දෙරටේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් තවදුරටත් සහයෝගිතාව වැඩිදියුණු කරගැනීමට අපේක්ෂා කරන්නේ යැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් වේ.
දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය වෙනුවෙන් උණුසුම් සුබපැතුම් පිළිගන්නා හැටියටත් ජාත්‍යන්තර වශයෙන් පැන නැඟුණු න්‍යාය පත්‍රවලදී දෙපාර්ශ්වය අතර තිබූ ප්‍රතිඵලදායක සහයෝගිතාව අවස්ථා කිහිපයකදීම අත්දකින්නට ලැබිණි යැයි ද රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් වේ.
දැනට දෙපාර්ශ්වය අතර ගොඩනැගුණු සබඳතාවල ප්‍රතිඵල ගැන සලකද්දී මෙම සබඳතාව තවදුරටත් වර්ධනය වන බවට සැකයක් නැතැයිද රුසියානු ජනාධිපතිවරයාගේ පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.
825 Views
Comments