“මම දේශපාලනයට ආවේ මංගලගේ යෝජනාවෙන්” - නාමල් රාජපක්ෂ

තමා දේශපාලනයට ගෙන එන්නැයි මුල්ම යෝජනාව පියාට කළේ හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතා බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
තමා දේශපාලනයට පැමිණෙන්නේ ඒ අනුව බවත් ඔහුගේ එම උත්සාහය තමා කෘතවේදීව සිහිපත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඔහු මෙලෙස පැවසුවේ හිටපු අමාත්‍ය මංගල සමරවීර පිළිබඳ පාර්ලිමේන්තුවේ ඊයේ(11)පැවැති ශෝක යෝජනා විවාදයේදීය.
දේශපාලනික වශයෙන් කුමන මත දැරුවත් තමා මංගල සමරවීර මහතා සමඟ සමීපව කටයුතු කළ බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
716 Views
Comments