ගැහුවේ පරණ තැටියමයි,මෛත්‍රීගෙන් සල්ගාදු රැලිය ගැන ප්‍රතිචාර

සල්ගාදු පිටියේදී ලප් තැනම ලොප් වූ බව හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සදහන් කළා.
එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම්වරයාද වන ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ සල්ගාදු පිටියේදී ආණ්ඩුව සමඟ මෙතෙක් සිටී රටේ ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලා සහ විද්වත් පිරිස නොසිටීම විශේෂයෙන් කැපී පෙනුණු සිද්ධියක් බවයි.
ආණ්ඩුවේ මැති ඇමතිවරුන් බස් යොදාගෙන දිවයිනේ දසතින් ගෙන්වා ඔලුගෙඩි පෙන්නා ජනතාව තවදුරටත් නොමඟ යැවීමට සිතන්නේ නම් එය ආණ්ඩුවේ අවසානය බව මතක තබා ගත යුතු බවත් ගුණරත්න මහතා අවධාරණය කරනවා.
786 Views
Comments