පාසල් සිසුන්ට අමුතු මැජික් පෙන්නූ “මිස්ටර් මැජික්”ට එරෙහිව නඩු 7ක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
08

පාසල් සිසුන්ට අමුතු මැජික් පෙන්නූ “මිස්ටර් මැජික්”ට එරෙහිව නඩු 7ක්

පාසල් සිසුන්ට අමුතු මැජික් පෙන්නූ “මිස්ටර් මැජික්”ට එරෙහිව නඩු 7ක්

ලාබාල පාසල් සිසුන්ට මැජික් ශිල්පය නොමිලේ උගන්වා ඔවුන් දිවයිනේ ප්‍රධාන මැජික් ශිල්පීන් බවට පත්කරන බවට ්ත්තු ගන්වා මුලාකර එම සිසුන් තම නිවසට කැඳවා ඔවුන්ට ලිංගික අපචාරයන්ට සංවිධානාත්මකව ලක් කළ බවට චෝදනා එල්ලවී සිටින මීගමුවේ “මිස්ටර් මැජික්” නමැති ප්‍රකට මැජික් ශිල්පියාට සහ ඒ සඳහා ඔහුට සහයදුන් ගෝලයින් දෙදෙනාට එරෙහිව මහාධිකරණය හමුවේ පැවරූ නඩු හත 2022 මාර්තු මස 31 දා සහ මැයි මස 23 දා විභාගයට ගැනීමට මීගමුව මහාධිකරණ විනිසුරු ආර්. ඩී. පී. පී. රත්නායක මහතා නියෝග කර සිටියේය.

 

ලාබාල පිරිමි සිසුන් සංවිධානාත්මකව ලිංගික අපචාරයන්ට ලක් කිරීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබූ විත්තිකරුවන් වූයේ මීගමුව තිඹිරිගස්කටුව ප්‍රේමචන්ද්‍ර වත්තේ පදිංචි විවාහක මැජික් ශිල්පියෙකු වන එච්. එම්. ලක්රුවන් සුජීව නොහොත් මිස්ටර් මැජික් (53) සහ ඔහුට අපචාර සහයදුන් බව කියන මුළුතැන්ගෙයි සහයකයකු ජේ. ඩී. සුරංග නදීශ කුමාර (43) සහ ඉඳුරුව සැකලව පදිංචි එම්. ඒ. හරේන්ද්‍ර කුමාර (43) නමැති පුද්ගලයන්ය. 

 

රජයේ අධිනීතිඥ රන්දිමා ප්‍රනාන්දු මහත්මිය පැමිණිල්ල මෙහෙය වූ අතර විත්තිය වෙනුවෙන් නීතිඥවරුන් පිරිසක් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිත ආරියරත්න මහතා පෙනී සිටියේය. 

views

774 Views

Comments

arrow-up