ලක්ෂ තිහේ අල්ලස් නඩුවෙන් කුමාර වෙල්ගම නිදහස්

හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගමට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබූ නඩුවකින් නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
ඒ, ඊට අදාළ නඩුව අද(24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදීය.
ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් වන නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් ලක්ෂ 30කට ආසන්න පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පසුගිය යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනු කරනු ලැබ තිබිණි.
302 Views
Comments