මුඛ ආවරණය ගැන විමසූ සිවිල් ආරක්ෂක භටයාට පහරදුන් පුද්ගලයෙක් අත්අඩංගුවට

මුව ආවරණයක් නොමැතිව ප්‍රතිකාර ගැනිම සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණි පුද්ගලයෙකුට මුව ආවරණයක් පැළඳින ලෙසට අවවාද කළ සිවිල් ආරක්ෂකභටයෙකුට පහරදුන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තන්තිරිමලේ සදමල් එළියේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක් බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙම පුද්ගලයා මුව ආවරණයක් නොමැතිව බීමතින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ගැනිමට පැමිණි ඇති අතර එම අවස්ථාවේ මුව ආවරණයක් පැළඳ එන ලෙසට එහි ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි සිවිල් ආරක්ෂක භටයා විසින් උපදෙස් ලබාදිම හේතුවෙන් කෝපයට පත් මෙම පුද්ගලයා පහරදිම සිදුකර ඇතයි පොලිසිය පවසයි.
පහර කෑමට ලක්වු සිවිල් ආරක්ෂකභටයා රෝහල් ගතකර ඇති අතර සැකකාර පුද්ගලයා රෝහල් පොලිසියේ පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශණ කටයුතු සඳහා අනුරාධපුර පොලිසියට භාරදි තිබේ.
ඔහු අද(28) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
738 Views
Comments