බීමතින් රාජකාරි කළ පොලිස් නිළධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
21

බීමතින් රාජකාරි කළ පොලිස් නිළධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම්

බීමතින් රාජකාරි කළ පොලිස් නිළධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම්

බීමතින් මහේස්ත්‍රාත්වරයකුගේ නිල නිවසේ ආරක්ෂක රාජකාරියේ යෙදුණු බව කියන කටුගස්තොට පොලීසියේ නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

 

පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගේ මෙලෙස වැඩ තහනමට ලක්ව ඇති බවද පොලිස් මූලස්ථානය ප්‍රකාශ කරයි.

 

කටුගස්තොට අලදෙණිය ප්‍රදේශයේ පිහිටි මහේස්ත්‍රාත්වරයකුගේ නිල නිවසේ බීමතින් රාජකාරී කරමින් සිටියදී ඊයේ(20) මොවුන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට පත්වූ බව කටුගස්තොට පොලීසිය සඳහන් කරයි.

 

කටුගස්තොට පොලීසියේ නිලධාරීන් රාත්‍රී සේවයේ යෙදී සිටියදී අදාළ මහේස්ත්‍රාත්වරයාගේ නිවස පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා බීමතින් සිටි බවට හෙළි වීමෙන් පසු ඔවුන් දෙදෙනා වැඩ තහනම් ලක් කළ බව පැවසෙයි.

views

827 Views

Comments

arrow-up