DEC
10
දරුවන් ඉලක්ක කරගත් SPA

දරුවන් ඉලක්ක කර ගනිමින් පාසල් හා උපකාරක පන්ති අවට විශාල වශයෙන් පවත්වාගෙන යන SPA ආයතන සම්බන්ධයෙන් නිතර පැමිණිලි ලැබෙන බව ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේරත්න පවසයි.
තවද SPA හෙවත් සම්බාහන ආයතන නමින් දැනට ක්‍රියාත්මක වන ආයතන පිළිබඳව සොයා බැලීම සඳහා ඍජු නියාමන ආයතනයක් නොමැති වීම ගැටලුවක් බව ද ඒ මහතා පවසයි.
කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසූයේ කිසිදු SPA ආයතනයක් හෝ සම්බාහන මධ්‍යස්ථානයකට ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟින් අවසර ලබා දී නොමැති බවයි.
217 Views
Comments