එළවළු මිල අහස උසට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
15

එළවළු මිල අහස උසට

එළවළු මිල අහස උසට

දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන රැසකට ලැබෙන එළවළු අස්වනු අඩුවීමත් සමග පාරිභෝගිකයින්ට දරාගත නොහැකි ආකාරයෙන් එළවළු සිල්ලර මිල ගණන් ඉහළ ගොස් තිබේ.

 

කොළඹ ප්‍රධාන පෙළේ සතිපොළ කිහිපයකම මෙම තත්ත්වය දැකගත හැකිය.

 

බෝංචි හා මාළුමිරිස් රුපියල් 600ක්, තක්කාලි රුපියල් 500ක්, කැරට් රුපියල් 400ක්, රතු ලූනු රුපියල් 360ක්, ලීක්ස් හා වම්බටු රුපියල් 320ක්, ලංකා අල රුපියල් 280ක්, බී ලූනු රුපියල් 240ක්,පිපිඤ්ඤා රුපියල් 180ක්, කැකිරි රුපියල් 120ක් වශයෙන් කිලෝග්‍රෑමයක සිල්ලර මිල අද දැක්වුණි.

 

නුවරඑළිය සතිපොළ ද මීට නොදෙවැනි ලෙස එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති බව අප කළ සොයාබැලීමකදී අනාවරණ වී ඇත.

 

මෙලෙස සතිපොළ තුළ එළවළු සිල්ලර මිල ඉහළ ගොස් ඇත්තේ දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන රැසකට ලැබෙන එළවළු අස්වනු අඩුවීමත් සමගයි.

views

689 Views

Comments

arrow-up