සංචාරක හෝටල් වලට මෘදු මත්පැන් අවසර පතක්

මෙරට ඩොලර් ආදායම ඉහළ නංවාගැනීමට නම් සංචාරක කර්මාන්තය සඳහා ඇති බාධා ඉවත් කළයුතු බව සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි පවසයි.
නැතහොත් එය වචනවලට පමණක් සීමාවෙන බව ඔහු පෙන්වා දෙයි.
මත්පැන් සම්බන්ධයෙන් ඇති බලපත්‍ර ක්‍රමයෙහි ඉතා දැඩි කොන්දේසි පවතින බැවින් එය සංචාරක කර්මාන්තයට ද දැඩි බලපෑම් එල්ල කරන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හෝටල් සඳහා මෘදු මත්පැන් අවසර පත්‍ර ප්‍රදානය කිරීම ඊයේ (07) සිදුකෙරුණි.
200 Views
Comments