ව්‍යාපාරික ස්ථානයේදීම ව්‍යාපාරිකයා මරා දමලා - ඝාතකයන් අල්ලන්න පොලිස් පරික්‍ෂණ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
01

ව්‍යාපාරික ස්ථානයේදීම ව්‍යාපාරිකයා මරා දමලා - ඝාතකයන් අල්ලන්න පොලිස් පරික්‍ෂණ

ව්‍යාපාරික ස්ථානයේදීම ව්‍යාපාරිකයා මරා දමලා - ඝාතකයන් අල්ලන්න පොලිස් පරික්‍ෂණ

කුරුණෑගල නගරයේ ව්‍යාපාරිකයාගේ ගෙල මොට ආයුධයකින් සිරකිරීමෙන් සිදුවූ ඝාතනයක් බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය අජිත් ජයසේන මහතා සිදුකළ වෛද්‍ය පරීක්ෂණයෙන් වාර්තාවූ බව කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.

 

කුරුණෑගල නගරයේ පුත්තලම් මාර්ගයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වා ගෙනගිය හිමිකරු ඉකුත් 28 දින සවස 5.30 පමණ ඔහුගේ ව්‍යාපාරික ස්ථානයේදීම ඝාතනයන කිරීම මෙතෙක් අභිරහසක් වී තිබේ.

 

මෙම මිනිස් ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් සැකකටයුතු කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබෙන බව කුරුණෑගල මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පැවසීය.

 

අභිරස් ලෙස මරණයට පත්වී සිටින ව්‍යාපාරිකයාගේ ගෙලබැඳි පවුම් පහක රන් දම්වැලක් තිබූ බවත් ඔහු සන්තකයේ තිබූ මුදල් පැහැර ගැනීමට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ව්‍යාපාරිකයා ඝාතනය කර ඇතැයි, සැකකටයුතු ආරංචි මාර්ග පවසයි.

 

වැල්ලව උඩුගම ස්ථීර පදිංචි දෙදරු පියෙකු වන සමන් රෝහිත ව්‍යාපාරිකයා කුළී පදනමක් මත වසර ගණනාවක් පුරා සිය ව්‍යාපාරික ස්ථානය පවත්වාගෙන පැමිණි අයකු බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.

views

257 Views

Comments

arrow-up