“කර්නාටක බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකිකයින් නිදහස් කරන්න” - වයිකෝ ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
24

“කර්නාටක බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකිකයින් නිදහස් කරන්න” - වයිකෝ ඉල්ලයි

“කර්නාටක බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකිකයින් නිදහස් කරන්න” - වයිකෝ ඉල්ලයි

කැනඩාවට පළායමින් සිටියදී හසුවී ඉන්දියාවේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් වෙනුවෙන් එරට MDMK පක්ෂ නිර්මාතෘ ප්‍රකට දේශපාලනඥ වයිකෝ සිය හඬ අවදි කර තිබේ.

 

මෙම සිදුවීම හේතුවෙන් ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ බන්ධනාගාරවල රඳවා සිටින ශ්‍රී ලාංකිකයින් 38 දෙනෙකු නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස එරට MDMK පක්ෂ නිර්මාතෘ වයිකෝ සිකුරාදා මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියේය.

 

ඔවුන් ශ්‍රී ලංකාවේ නියෝජිතයන් විසින් රවටා ඇති බව ඔහු පවසයි.

 

නිවේදනයක් නිකුත් කරමින් වයිකෝ මහතා කියා සිටියේ ඔවුන් කැනඩාවට රැගෙන යන බවට පොරොන්දු වූ ශ්‍රී ලංකාවේ සිටින නියෝජිතයින් විසින් ඔවුන්ව රවටා ඇති නමුත් ඔවුන් මාංගලුරු වෙත ගොඩ බැස්ස බවයි.

 

පසුගිය වසරේ ජුනි මාසයේදී ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් මංගලුරු බන්ධනාගාරයක රඳවා පසුව පරප්පන අග්‍රහාර බන්ධනාගාරයට මාරු කර යවා ඇත. ජාතික විමර්ශන ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා දෙකක් ඉදිරිපත් කළද ඔවුන් තවමත් සිරගතව සිටින බවද ඔහු පැවසීය.

 

ඔවුන් විරෝධතාවයක් පැවැත්වීමෙන් පසු ඔවුන්ගෙන් 10 දෙනෙකු විශේෂ කඳවුරකට මාරුකර යවා ඉතිරි පිරිස තවදුරටත් පරප්පන අග්‍රහාර හි රඳවා ඇති බවද වයිකෝ පැවසීය. 

views

258 Views

Comments

arrow-up