මගුල් ගෙදර වලියෙන් 06ක් රෝහලට - දෙවැනි මනමාලයා ඇතුලු 10ක් කූඩුවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
17

මගුල් ගෙදර වලියෙන් 06ක් රෝහලට - දෙවැනි මනමාලයා ඇතුලු 10ක් කූඩුවට

මගුල් ගෙදර වලියෙන් 06ක් රෝහලට - දෙවැනි මනමාලයා ඇතුලු 10ක් කූඩුවට

පානදුර සංචාරක හෝටලයක පැවතී විවාහ මංගල උත්සවයකදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් 06 දෙනකු රෝහල්ගතකර 10 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි හිරණ පොලිසිය පවසයි.

 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මනමාලයාගේ පාර්ශවයෙන් පැමිණි මහනුවර සහ කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව පොලිසිය කීය.

 

අත්අඩංගුවට පත් වූවන් අතර දෙවන මනමාලයාද සිටින බව සදහන්වේ.

 

රෝහල් ගතකර ඇත්තේ මනාලයාගේ පාර්ශවයෙන් පහරකෑමට ලක්වූ හෝටල් සේවකයන් පස්දෙනකු සහ මල් සැරසිලි සඳහා පැමිණි පුද්ගලයකු බව පොලිසිය කීය.

 

පිහිනුම් තටාකයේ සේවාව වෙන්කරවා ගෙන නොමැති නමුත් පිරිසක් මත්පැන් පානය කොට එහි බැස දියනා ඇති අතර එහිදී හෝටල් කළමනාකාරීත්වය සමග ඇතිවූ කතා බහක් දුර දිග යාමෙන් පිරිස කලහකාරී ලෙස හැසිරී හෝටලයටද අලාභානි සිදු කර පහරදීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.

 

සැකකරුවන් අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ඒමට දැඩි වෙහෙසක් ගැනීමට සිදුව ඇතැයි සදහන් වේ.

views

446 Views

Comments

arrow-up