වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට තවත් අයෙකුට තුවාල

බලපිටිය, අහුන්ගල්ල, බෝගහපිටිය පාලම අසලදි ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට හා රියදුරුට වෙඩි තැබිමෙන් පිටුපස ගමන් කල පුද්ගලයා රොහල් ගත කිරිමෙන් අනතුරුව මියගොස් ඇතැයි අහුන්ගල්ල පොලිසිය පවසයි.
ත්‍රිරෝද රථරියදුරු තුවාල ලබා බළපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ අහුන්ගල්ල මාකුඹුර පදිංචි කොම්බු චතුරංග ජයලත්(29) නැමති විවාහක පුද්ගලයකුය.
ඔහු කුලි ත්‍රිරෝද රථයකින් ගමන්කරමින් සිටියදි වෙඩක්කරුවන් බෝගහපිටිය පාලම අසල සැඟව සිට වෙඩිතබා පලාගොස් ඇති බව අහුන්ගල්ල පොලිසිය කියයි.
ත්‍රිරෝද රථ රියදුරුටද වෙඩි වැදි ඇති අතර ඔහු දිවගොස් දිවි බේරාගෙන ඇත.
බරපතල තුවාල ලබා සිටි ජයලත් සහ රියදුරා ප්‍රදෙශවාසින් එම රථයෙන්ම අහුන්ගල්ල පොලිසියට රැගෙන විත් පසුව බලපිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇත.
පසුව චතුරංග ජයලත් නැමැත්තා රාත්‍රි 11.20ට පමන මියගොස් තිබේ.
අහුන්ගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
250 Views
Comments