ආසියානු කුසලානය දිනු සතුටට වෙරී වූ වනජීවින් අලි වෙඩි පත්තු කර යකා නටයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස ආසියානු කුසලානය ජයග්‍රහණයට සිත පිනා ගොස් රිටිගල වනජීවී කාර්යාලයේ නිලධාරීන් අලි වෙඩි පන්සියයකට වඩා පත්තු කර ජය සමරු බව වාර්තා වෙනවා.
මෙම අනාවරණය සිද්ධ කරන්නේ ජාතික ගොවිජන එකමුතුවයි.
ඔවුන් පවසන්නේ කැකිරාව පිහිටි වනජීවී කාර්යාලයේ නිලධාරීන් මෙම ක්‍රියාව සිදු කොට ඇති බවයි.
ජයග්‍රාහි උන්මාදයෙන් මත්පැන් බොමින් දඩ මස් කමින් ඔවුන් මෙලෙස අලි වෙඩි පත්තු කොට ඇති බවයි සඳහන් වන්නේ. වනජීවී දෙපාර්තමේන්තුව මේ වන විට මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවා ආරම්භ කොට තිබෙනවා.
256 Views
Comments