අගමැති ලෙස රනිල් පත්වූවාට ඇමරිකාව සතුටින්

නව අගමැති ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ වැඩ කිරීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චුන්ග් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත්කිරීම සහ සියල්ලන් ඇතුළත් කර කඩිනමින් ආණ්ඩුවක් පිහිටුවීම අර්බුදය විසඳීමට සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමේ පළමු පියවර බවද ඇය සඳහන් කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුවන ගනුදෙනු යථාවාදී ලෙස සිදුකර ලාංකිකයන් මුහුණදී සිටින ගැටලුවලට විසඳුම් ලබාදේ යැයි බලාපොරොත්තු වන බවත් ජූලි චන්ග් මහත්මිය සිය ට්විටර් පණිවුඩයෙන් පෙන්වා දී ඇත.
653 Views
Comments