ගෑස් කළුකඩ ජාවාරමක් - සිලින්ඩරයක් 3500 කට අලෙවි වෙයි

සංයුතිය සටහන් කරන ලද කිලෝ 12 . 5 ක ගෑස් සිලින්ඩරයක් හැටන් නගරයේදී රුපියල් 3500 කට පමණ අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව වාර්තා වී ඇත.
ගෑස් සමාගම් විසින් ගෑස් අලෙවි නියෝජිතයින් වෙත නිකුත් කරන ගෑස් සිලින්ඩර එම අලෙවි නියෝජිතයින් විසින් සිය වෙළඳසැල් තුළ නොව නිවාස තුළ තොග වශයෙන් ගබඩා කරගෙන සිටින බවටයි පාරිභෝගිකයින් චෝදනා කරන්නේ.
අනතුරුව ත්‍රී රෝද රථ රියදුරන් හරහා ඇනවුම් ලබාගෙන එම ත්‍රී රෝද රථ රියදුරන් හරහාම ඇනවුම් කරන ලද ගෑස් සිලින්ඩර පාරිභෝගිකයින්ගේ නිවෙස්වලට ප්‍රවාහනය කරනු ලබන බවයි වාර්තා වන්නේ.
එහිදී ගෑස් සිලින්ඩරයක් රුපියල් 3500 ක මුදලක් පාරිභෝගිකයින්ගෙන් අය කරන බවත් ත්‍රී රෝද රථයේ කුලී ගාස්තුව වෙනම අයකර ගන්නා බවටත් පාරිභෝගිකයින් චෝදනා කරනවා.
622 Views
Comments