පෙම්වතිය බලෙන් උස්සන් යන්න ආ පෙම්වතා ආයුධ සමඟ පොලිස් අත්අඩංගුවට

වලස්මුල්ල වත්තේහේන්ගොඩ ප්‍රදේශයේදී පෙම්වතිය බලහත්කාරයෙන් පැහැරගන යාමට තැත් කළ පෙම්වතෙකු ගල් කටස් වර්ගයේ ගිනි අවි දෙකක්,පිහි දෙකක් හා වෙඩි බෙහෙත් සමග වලස්මුල්ල පොලිසිය විසින් අද අලුයම අත් අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙනියාය යාපිටකන්ද ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.
අත්අඩංගුවට පත් තරුණයා වලස්මුල්ල වත්තේහේන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක සමග වසරක පමණ කාලයක් ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇත. පසුව තරුණිය මෙම ප්‍රේම සබඳතාවය නවත්වා තිබේ.එකවරම තරුණිය ප්‍රේම සබඳතාවය නැවැත්වීම හේතුවෙන් උරන වූ පෙම්වතා යකඩ බට ආධාරයෙන් සකස් කරන ලද ගල් කටස් ප්‍රමාණයේ ගිනි අවි දෙකක් , පිහිදෙකක් හා වෙඩි බෙහෙත් ප්‍රමාණයක්ද සමඟ වලස්මුල්ල පිහිටි තරුණියගේ නිවසට පැමිණ තරුණියව බියගන්වා පැහැරගෙන යාමට උත්සාහ කර තිබේ.
එම අවස්ථාවේදී තරුණිය හා නිවැසියන් විසින් මේ සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිලි කර ඇත.ඒ අනුව වලස්මුල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ මෙම තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.
163 Views
Comments