කුරුණෑගල පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට ගුටි බැට

නාරම්මල පොලිස් වසමේ බිහල්පොල ප්‍රදේශයේ දී කුරුණෑගල පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් වැටලීමක නිරතව සිටියදී එම නිලධාරීන් 8 දෙනෙකුට පහර දී තුවාල සිදුකර ඇති බව වාර්තා වේ. සිදුවීම සම්බන්ධයෙන් නාරම්මල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර සැකකරුවන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (10) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ. මෙම සිද්ධියට අදාලව තවත් සැකකරුවෙකු ද ඊයේ (09) දින නාරම්ලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 45 ක් වන ඩයගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව අනාවරණය වී තිබේ. සැකකරු ඊයේ (09) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (10) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, සැකකරුවන් අනෙක් අටදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් නාරම්මල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
141 Views
Comments