බෝනස් එකක් නිසා ව්‍යාජ රත්තරන් ජාවාරමුන් කොටුවූ හැටි

දිවයිනේ විවිධ ප්‍රදේශවල සැරිසරමින් රත්‍රං මිශ්‍රකර ව්‍යාජ ලෙස සැකසූ භාණ්ඩ, පිරිසිදු නියම රන් භාණ්ඩ ලෙස සූක්ෂම අයුරින් බැංකුවලට උගසට තැබීමේ ජාවාරමක නිරත වූ අපරාධ කල්ලියක සාමාජිකයන් පස්දෙනකු පෙරේදා (15) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති සැකකරුවන් පමුණුවිල කැලණිය, ගෝනහේන කඩවත, මාකොළ දකුණ මාකොල, රෝහල පාර කිරිබත්ගොඩ, දික්වල පාර සියඹලාපේ පදිංචි වයස අවුරුදු 24 ත් 51 ත් අතර වියේ පසුවන්නන් බව පොලිසිය කියයි.
සැකකරුවන් විසින් රත්තරන් මිශ්‍ර කර සැකසූ ව්‍යාජ රන් භාණ්ඩ, බැංකුවලට මීට පෙර ඉතා සූක්ෂම ලෙස නියම රන් බවට හැඟවෙන පරිදි, ඇතැම් නිලධාරීන් නොමඟ යවමින් උකසට තබා ඇතැයිද අනාවරණය වූ බව පොලීසිය කියයි.
තඹුත්තේගම ප්‍රදේශයේ බැංකුවකට ව්‍යාජ රන් භාණ්ඩ උකස් කර ලක්ෂ දෙකක් පමණ මුදලක් වංචා කළ සිද්ධියකට සම්බන්ධයෙන් සහ අනුරාධපුර බැංකු නිලධාරියකු සතුව තිබූ රුපියල් ලක්ෂයකට වැඩි ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු බැංකුවක උකස් අංශ නිලධාරියා සතුව තිබූ ජංගම දුරකථනය කොල්ල කා පලා යමින් සිටියදී කුම්බිච්චන්කුලම වැව ආසන්නයේදී එම ජංගම දුරකතනයද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
227 Views
Comments