බෝම්බයක් අතේ අරන් පාරෙ ගිය අයෙක් අල්ලයි

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් අතතැතිව බුලත්සිංහල කල්ලුමලේ මාර්ගයේ සැරිසැරු පුද්ගලයෙකු ඊයේ (9) සවස අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බුලත්සිංහල අතුර ප්‍රදේශයේ පදිංච් 40 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු මීට ඉහතදීද ප්‍රදේශයේ විවිධ සොරකම් රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පුද්ගලයෙකු බවද පොලිසිය සඳහන් කරයි.
මේ පුද්ගලයා ජීව අත්බෝම්බයත් රැගෙන බුලත්සිංහල ඉහළ වෙල්ගම, කල්ලුමලේ ප්‍රදේශයේට පැමිණෙන බවට බුලත්සිංහල පොලිසියේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත පොලිස් නිලධාරින් පිරිසක් මාර්ගයේ රැක සිට මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
261 Views
Comments