නිවසක ගින්නකින් දැරියක් මියයයි

වැලිගම, වැවේගෙදරවත්ත ප්රදේශයේ ඊයේ රාත්රීයේ නිවසක ඇතිවූ ගින්නකින් අට හැවිරිදි දැරියක් මියගොස් ඇතැයි වැලිගම පොලිසිය පවසයි.
මෙම ගින්නෙන් නිවසේ වහළයට දැඩිලෙස හානි සිදුවී ඇති අතර එහි සිටි මියගිය දැරියගේ අත් අම්මා සහ සහෝදරියක් නිවසින් පිටතට පැන දිවි බේරාගෙන තිබේ.
සිදුවීම දැනගත් වහාම වැලිගම පොලිසිය විසින් මාතර ගිනි නිවන රථ ගෙන්වා ගින්න පාලනය කර තිබෙන අතර නිවසේ කාමරයකින් මෙම ගින්න හටගෙන ඇත.
ගින්නෙන් නිවසේ මුළු තැන්ගෙයි උපාංගවලට කිසිදු හානියක් සිදුව නොමැති අතර ගින්න සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරික්ෂණ පවත්වයි.
808 Views
Comments