ටිපර් රියෙන් ආ මරුවා දෙදෙනෙක් රැගෙන යයි

පොලොන්නරුව - මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ප්‍රදේශයේදී අද(24) අලූයම ටිපර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ වූ අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු මියගොස් තවත් කාන්තාවක් තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇතැයි මනම්පිටිය පොලීසිය පවසයි.
පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි අනිත් අතර ඔවුන්ගේ නම් ගම් සහ ලිපිනයන් මෙතෙක් නිශ්චිතව අනාවරණය කරගැනීමට නොහැකිව ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා සඳහන් කළේය.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව පොළොන්නරුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියයි.
699 Views
Comments