නරක් වූ අල ටොන් 04ක කන්ටේනරයක් දඹුල්ලෙන් අල්ලයි

මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල කන්ටේනරයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි පෞද්ගලික ගබඩාවකින් සායාගත් බව දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය පවසයි.
ඉන්දියාවෙන් ගෙන්වූ බව කියන මෙම අල ගබඩාවට බා කාන්තාවන් යොදා පැළ වී ඇති අර්තාපල්වල රිකිලි කඩා දමා නැවත වෙළෙඳපොළට යැවීමට සකස්මින් තිබියදී සොයාගෙන තිබේ.
එම කන්ටේනරයේ අල කිලෝ 40,000කට අධික ප්‍රමාණයක් තිබෙන බවත් ඒවා සියල්ල කන්ටේනර් රථය තුළම බෙහෙවින් නරක් වී පැළ වී ඕජස් ගලන මට්ටමේ ඇති බවත් නගර සභා සෞඛ්‍ය නිලධාරීන් පවසයි.
දඹුල්ල නගරාධිපතිවරයාට ලද තොරතුරක් අනුව මහනගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් මෙම වැටලීම සිදු කර තිබේ.
695 Views
Comments