අනුරාධපුරයේ ගවයින් සිය ගණනක් ගංවතුරට ගසාගෙන යයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
10

අනුරාධපුරයේ ගවයින් සිය ගණනක් ගංවතුරට ගසාගෙන යයි

අනුරාධපුරයේ ගවයින් සිය ගණනක් ගංවතුරට ගසාගෙන යයි

ඇද හැළුණු අධික වර්ෂාවත් සමඟ තලාව ඇල පිටාර ගැලීම හේතුවෙන් ඇළ දෙපස සිටි ගවයන් සියයකට අධික ප්‍රමාණයක් අතුරුදන්ව ඇතැයි ඔයාමඩුව සහ දුනුමඩලාව අවට ගොවීන් පවසයි.

 

දින තුනක් පුරාවට නොකඩවා ඇද හැළුණු වර්ෂාව සමඟ තලාව ඇල, හදිසියේ පිටාර ගැලීමෙන් ඇල දෙපස ඉදිකර තිබූ ගව ගාල් සහ තණ කෑමට බැඳ සිටි ගවයින් මෙලෙස අතුරුදන්ව ඇතැයි වාර්තාවේ.

 

නබඩගස්දිගිලිය, දුණුමඩලාව, කුඩාහල්මිල්ලෑව මහ ඇහැටුවැව යන ප්‍රදේශ රැසක ගවගාල්වල සහ තණකොල කෑම සඳහා බැඳ සිටි ගවයින් මෙසේ අතුරුදන්වි ඇති අතර එම සතුන් අතරින් වැඩි ප්‍රමාණයක් මිය යන්නට ඇති බව ගොවීහු පවසති.

views

903 Views

Comments

arrow-up