අහඹු පී.සී.ආර් පරික්‍ෂණ වැඩි කරයි

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු කොවිඩ් පැතිරීම යම් ආකාරයකට වැඩිවී තිබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.
මේ අතර දිවයින පුරා අහඹු කොවිඩ් 19 පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.
පුද්ගලයින් රෝහල්වලදී සහ තෝරාගත් ස්ථානවලදී ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇතැයිද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.
පුද්ගල ඒකරාශීවීම්, ආයතනවල රැස්වීම් සහ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් කොවිඩ් පැතිරීම වේගවත් වී ඇතැයි පවසන හේමන්ත හේරත් මහතා එවැනි කටයුතුවලින් ඈත්ව සිටින මෙන් ඉල්ලීමක් කරයි.
විශේෂයෙන්ම පොදු ප්‍රවාහනය භාවිතයේදී සහ සෙසු කටයුතුවලදී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට මුල් තැන දෙමින් කටයුතු කළ යුතු බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර අවශ්‍ය නිර්දේශ ලැබුණු විගස සයිනොෆාම් තෙවැනි මාත්‍රාවක් ලබා දීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
649 Views
Comments