ගුවන්තොටුපලේ පී.සී.ආර් පරික්‍ෂණ යළි අරඹයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
27

ගුවන්තොටුපලේ පී.සී.ආර් පරික්‍ෂණ යළි අරඹයි

ගුවන්තොටුපලේ පී.සී.ආර් පරික්‍ෂණ යළි අරඹයි

සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය නොලැබීම හේතුවෙන් මෙතෙක් වසා දමා තිබූ කටයුනායක ගුවන්තොටුපොළේ ස්ථාපිත පී.සී.ආර්. පරීක්ෂණාගාරයේ කටයුතු අද(27) යළි ආරම්භ කෙරුණි.

 

ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන සියලු‍ම ගුවන් මගීන්ට සහ එක් එන්නතක් පමණක් ලබාගෙන මෙරටට පැමිණෙන සියලු ගුවන් මගීන්ට එහිදී පී.සී.ආර්. පරික්ෂණ සිදු කරනු ලබයි.

 

කටුනායක ගුවන්තොටුපොළේ ස්ථාපිත කර ඇති සියලු‍ පහසුකම්වලින් සමන්විත එම පී.සී.ආර්. පරික්ෂණාගාරයෙන් පැය තුනක පමණ කාලයක් ඇතුළත පරීක්ෂණ වාර්තා ලබාදෙන බව එහි කාර්යභාර කළමනාකරු සුමුදු සරසිරාජා මහත්මිය පැවසුවාය.

views

697 Views

Comments

arrow-up