“තවත් කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමක්” - වෛද්‍ය රවී කුමුදේශ්

කොවිඩ් 19 පරීක්ෂණ අකර්මණ්‍ය කර අහඹු නියැදි පරීක්ෂණ සිදුකිරීමේ මාර්ග අහුරා දමමින්, රටට ඇතුළුවන සංචාරකයින්ගේ සහ ගුවන් මගීන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සම්පූර්ණයෙන්ම නතර කිරීමෙන් නැවත කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමක් තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශය “කොවිඩ්” සමාජ ගතවීම පිළිබඳව පැහැදිළි ප්‍රකාශයක් නොකළද සමාජගතවූ වසංගතයකට රට මුහුණ දී සිටින බවත් විද්‍යාත්මක ආවේක්ෂණක් නොමැතිව එය පාලනය කල නොහැකි බවත් රවී කුමුදේශ් මහතා පවසයි.
විද්‍යාත්මක පුරෝකථන සඳහා ඇති මාර්ග හිතාමතාම අහුරා දමා ඇතැම් විශේෂඥයින් තවත් රැළි ගැන පුරෝකථනයන් කරන බව කී රවී කුමුදේශ් මහතා නව කොවිඩ් රැල්ලක් ඇතිවුවහොත් එයට එවැනි නිලධාරීන් වගකිය යුතු යැයිද පැවසුවේය.
738 Views
Comments