OCT
13
මැටි ලිප්, භූමිතෙල් ලිප් අලෙවිය වාර්තාගතව ඉහලට

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිලෙහි සිදු වූ දැවැන්ත වැඩිවීම හේතුවෙන් මේ වන විට ජනතාව භූමිතෙල් සහ මැටි ලිප් මිලදී ගැනීම සඳහා යොමු වී තිබෙනවා.
පසුගිය කාලයේ දක්නට නොතිබුණු භූමිතෙල් ලිප් සඳහා මේ වනවිට ඇත්තේ දැඩි ඉල්ලුමකි.
රත්මලාන කොළඹ මොරටුව ආදී ප්‍රදේශ රැසක භූමිතෙල් ලිප් සහ මැටි ලිප් වල අලෙවිය දැවැන්ත ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.
මීට අමතරව ෆේස්බුක් වැනි සමාජ ජාල භාවිතයෙන් මාර්ගගත ක්‍රමයට ද මෙවැනි නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ජනතාව යොමු වෙමින් පවතිනවා.
1200 Views
Comments