සුදුළූණු වංචාවට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
06

සුදුළූණු වංචාවට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

සුදුළූණු වංචාවට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

පසුගියදා ආන්දෝලනයට තුඩුදුන් සතොස සුදුලූනු වංචාව සම්බන්ධයෙන් එක් අයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

 

ඒ අනුව, අදාළ සුදුලූනු තොගය මිලදී ගත් බවට සැකකෙරෙන බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (06) අත්අඩංගුවට ගෙන තිබේ.

 

අදාළ සැකකරුව හෙට වැලිසර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

views

855 Views

Comments

arrow-up