අගමැති පුත් රෝහිත රාජපක්ෂ අද සිට ක්‍රිකට් පිටියට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
27

අගමැති පුත් රෝහිත රාජපක්ෂ අද සිට ක්‍රිකට් පිටියට

අගමැති පුත් රෝහිත රාජපක්ෂ අද සිට ක්‍රිකට් පිටියට

අන්තර් සමාජ සීමිත ඕවර (ඕවර 50) ක්‍රිකට් තරගාවලියේ අද (27 වැනිදා) පැවැත්වෙන තරගයකදී කළුතර නාගරික ක්‍රීඩා සමාජය වෙනුවෙන් අග්‍රාමාත්‍ය පුත් රෝහිත රාජපක්ෂ ක්‍රීඩා කිරීමට සූදානමින් සිටිනවා.

 

පසුගිය දින වලදී මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී ඔහු පුහුණුවීම් වල නිරත වුණා.

 

රෝහිත රාජපක්ෂ ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් ක්‍රිකට් තරගාවලියක් සඳහා ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙයයි.

 

නාවික හමුදා පිලට එරෙහිව හෙට පැවැත්වෙන තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

 

කළුතර නාගරික ක්‍රීඩා සමාජ මූලස්ථානයේදී ඊයේ (26 වැනිදා) පැවැති උත්සවයකදී රෝහිත රාජපක්ෂ කණ්ඩායමට පිළිගෙන තිබුණා.

 

සෑම වර්ෂයකම අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලිය ආරම්භ වීමට පෙර ක්‍රීඩකයන් සුහදව පිළිගනු ලබන අතර එම අවස්ථාවේදී තරගාවලියට එක්වන ක්‍රීඩයන්ට නිල ඇඳුම් බෙදා දෙනු ලබයි. අද සවස පැවැති ක්‍රීඩකයන් පිළිගැනීමේ උත්සවයේදී රෝහිත රාජපක්‍ෂට ඔහුගේ කණ්ඩායම් ඇඳුම කළුතර නාගරික ක්‍රීඩා සමාජයේ සභාපති දීපාල් පෙරේරා මහතා විසින් පිරිනමන ලදි.

views

838 Views

Comments

arrow-up