පවුල් ආරවුල දිග්ගැස්සී ඇඟලුම් සේවිකාවක වූ බිරිඳව කපා මැරූ සැමියා පොලිසියට භාරවෙයි

අද(10) අලුයම මාතර, මාලිම්බඩ උතුර ප්‍රදේශයේ පුද්ගලයෙකු තම බිරිඳව තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර බිරිඳගේ අම්මාට(නැන්දම්මා) ද පොල්ලකින් පහරදී තුවාල සිදු කර ඇති බව මාලිම්බඩ පොලීසිය කියයි.
එලෙස මරණයට පත්ව තිබෙන්නේ ගීතානි කලුආරච්චී නැමැති 33 හැවිරිදි එක් දරු මවකි.
ඇය ඇඟලුම් සේවිකාවක ලෙස රැකියාව කල තැනැත්තියකි.
මෙම අපරාධය සිදුකල මියගිය කාන්තාවගේ සැමියා වන යුද හමුදාවෙන් පලා ආ සෙබලා තම අවුරුදු දෙක හමාරක් වයසැති දරුවාද රැගෙන එම ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙන අතර පසුව ඔහු මොරවක පොලීසිය වෙතට පැමිණ භාරවී තිබුණි.
පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර තිබෙන බව පොලීසිය සඳහන් කරයි.
54 හැවිරිදි නැන්දම්මාගේ හිසට තුවාල සිදුව ඇති අතර වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත ඇතුලත් කර සිටී.
ඝාතනයට ලක්වු කාන්තාවගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණි.
සැකකාර සැමියා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
843 Views
Comments