ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ ආරක්ෂක ලේකම් අතර හමුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
18

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ ආරක්ෂක ලේකම් අතර හමුවක්

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ ආරක්ෂක ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අලුතින් පත්වූ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් සහ ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න අතර හමුවක් පැවතී තිබෙනවා.

ඒ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ දීයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරි මේජර් ජනරාල් දිනේෂ් නානායක්කාර සහ ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් ඉයන් කේන් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වී තිබෙනවා.

දෙරට අතර සමීප සබඳතා පවතින බවත් නව තානාපතිවරයා සමග සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ආරක්ෂක ලේකම්වරයා මෙහිදී පවසා තිබෙනවා.

 

views

200 Views

Comments

arrow-up