ශ්‍රී ලංකාව පිළිබඳ ක්ෂමා සංවිධානයෙන් ඉල්ලීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
11

ශ්‍රී ලංකාව පිළිබඳ ක්ෂමා සංවිධානයෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකාව පිළිබඳ ක්ෂමා සංවිධානයෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකාව පිළිබඳ සිය අධීක්ෂණය ශක්තිමත් කරන්නැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා තිබෙනවා.

හෙට(12) දින ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 ක් වන සැසිවාරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් ආරම්භ කර ඇති ශ්‍රී ලංකාවේ වගවීම් පිළිබඳ ව්‍යාපෘතිය ශක්තිමත් කළ යුතු බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

එමෙන්ම මානව හිමිකම් තත්වයන් නිරීක්ෂණය කිරීම, වාර්තා කිරීම, ප්‍රවර්ධනය සහ නිර්දේශ සැපයීම සඳහා ශ්‍රී ලංකා පිළිබද විශේෂඥ යාන්ත්‍රණයක් පිහිටුවන ලෙසද ඔවුන් තවදුරටත් ඉල්ලා සිටිනවා. 

views

184 Views

Comments

arrow-up